මහජනයා කිසිදු අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් අවශ්‍ය වන්නේ රෝගය පිළිබඳ නිවැරදි දැනුම්වත් වීම බවත් සඳහන් කළ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා රෝගය තදින් පැතිරුණු රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් සඳහන් කළේය.
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා යුධ හමුදාව ගත් ක්‍රියා මාර්ග පැහැදිලි කිරීම සඳහා අද(11) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන්
කළේය
ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම ආරම්භ කෙරුණු අතර ගුවන් හමුදාව මගින් විෂබීජහරණය කිරීමෙන් පසු එම පිරිස නිරෝධායන කටයුතු සදහා පුනානී සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත යවනු ලැබිණි. ඔවුන්ට අවශ්‍ය කෑම බීම, සනීපාරක්ෂක පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් ඇතුළු සෑම පහසුකමක්ම කිසිදු මුදලක් අය නොකර හැකි උපරිම වශයෙන් ලබා දීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
මේ සම්බන්ධව කටයුතු කිරීමේදී ලෝකයේ දියුණු රටවල් අතුරින් ශ්‍රී ලංකාවද යුහුසුළුව කටයුතු කළ අතර පසුගිය පැය 24 තුළ, පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද්ධ හමුදාව විසින් බස් රථ 281 ක් නැගෙනහිර දෙසට ගොඩබිම මාර්ගයෙන් රැගෙන ගිය අතර තවත් විදේශිකයන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ‘Mi 17’ හෙලිකොප්ටරයකින් අඟහරුවාදා (10) දින අදාළ ස්ථානයන් වෙත රැගෙන යනු ලැබීය.
කොරෝනා වෛරසය පැතිරී යාම පාළනය කිරිම සඳහා අවශ්‍ය නිරෝධායන කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් සම්පත් දායකත්වය සහ අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් ත්‍රිවිධ හමුදාව ඒ සඳහා සහය ලබා දෙන බවත් සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා සමාජ මාධ්‍ය හරහා නොයෙක් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත් ඒ පිළ්බඳ නොරැවටෙන ලෙසත් ත්‍රිවිධ හමුදාව සෑම විටම ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටින බවත් කීය.
මෙම තීරණාත්මක අවස්ථාවේ විදේශගතව සිට මෙරටට පැමිණෙන සෑම ශ්‍රී ලාංකිකයෙකු සහ නිරෝධායන කටයුතු යටතේ පසුවන සියළුම ශ්‍රමිකයන් සහ සමස්ථ ජනතාවගේම සහය මෙම සංවේදි කාර්යය ඉටු කර ගැනීම සඳහා දෙමින් සහය වන්නැයි බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ඉල්ලීමක්ද කළේය.
මෙම මාධ්‍ය හමුවට පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද එක්ව සිටියහ.