එක් එක් වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) විභාගය, අ.පො.ස. (සා.පෙළ) විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ සාධන මට්ටම විශ්‍ලේෂණාත්මකව හඳුනාගැනීමට මෙම සාධන දර්ශකය ඇසුරින් අවස්ථාව සැලසේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විෂයමාලා සම්පාදකයින්, පෙළ පොත් කතුවරුන්, ගුරුවරුන් ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි විද්වතුන්ට මෙම දර්ශකය උපයෝගී කර ගැනීමෙන් මෙරට විභාග පද්ධතිය තුළ එක් එක් විභාග සඳහා සිසුන් දක්වන ප්‍රතිචාර සහ ඔවුන්ගේ ඉගෙනුම් හැකියාවන් විභාග හරහා පෙන්නුම් කරන ආකාරය හඳුනා ගැනීමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් මෙම පාසල් සාධන දර්ශකය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලබා ගත හැක.