කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා;
මීට පෙර හමු වූ කොරෝනා රෝගියා සමඟ සිටි එකම සම්ප්‍රේෂණ ජාලයකින් හමු වූ රෝගියෙක්. ආගිය තැන් ආශ්‍රය කළ අය ගැන විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. කොවිඩ් 19
සම්බන්ධයෙන් සියලු පියවර ගෙන යමින් තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතය් ආවුල් වීමට අවශ්‍ය නෑ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගෙන යාන්නට පුළුවන්. තම පෞද්ගලික ස්වස්ථතාවය ආරක්ෂා කර
ගැනීම වැදගත්.
විශාල වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාවලින් වැළකීමත් වැදගත් වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනජීවිතය සාමාන්‍ය පරිදි ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මේ වෛරසය
රටට ඇතුළු වීම වැළැක්වීමට රජය ,සෞඛ්‍ය අංශ විශාල ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කර තිබෙනවා. කට කතාවලින් ඉවත් වී රජය සෞඛ්‍ය අමාත්‍යාංශය දෙනු ලබන තොරතුරු පිළිබඳව
අවධානයෙන් පසුවන්න. ඒ පිළිබඳව විශ්වාසයෙන් පසුවන්න යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.