මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජපානයේ රැකියා සදහා යන ශ්‍රමිකයින්ට නොමිලේ ගුවන් ටිකට්පත්

    මාර්තු 13, 2020

    ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 27ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අතින් ප්‍රදානය කරන ලදී.

     

    මෙම පිරිස ජපානයේ සේවාස්ථානයන්හි පුහුණුව සදහා පිටත්වන 21 වන කණ්ඩායම වන අතර මේ පිරිසට සාත්තු සේවා අංශයේ රැකියා පුහුණුව සදහා කාන්තා ශ්‍රමිකයින් 16 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව සදහා පිරිමි ශ්‍රමිකයින් 11 දෙනෙකුද ඇතුළත් විය.

     

    ගරු ජනාධිපතිතුමන් රටට ඉදිරිපත් කළ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ට අනුව විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් පමණක් යොමු කිරීම සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ලබාදුන් උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව යමින් දෙරට අතර ඇති කර ගත් එකගතාවයන්ට අනුව කාර්යාංශය විසින් විශේෂ පුහුණු වැඩසටහන් හා රැකියා ලබාදීමේ ක්‍රමවේදයක් මෙම ශ්‍රමිකයින් සම්බන්ධයෙන් හඳුන්වා දී තිබේ.

    මෙම පුහුණුලාභීන් සදහා කාර්යාංශයේ රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ හා බදුල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නේවාසිකව මාස 4ක පුහුණුව ලබාදී ජපන් භාෂාව, ජපානයේ ජීවත්වන අයුරු, සංස්කෘතිය හා රැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය වන දැනුම ලබාදී තිබෙන අතර, ජපන් භාෂාව කතා කිරීමට හා ලිවීමට විශේෂ පුහුණුවක්ද එමගින් ලබාදී ඇත.

    මෙම පුහුණු ලාභීන් ජපානය බලා පිටත්විමට පෙර නවලෝක රෝහලේ වෛද්‍ය ලක්ෂ්මන් ජයමහ විසින් දැනුවත් කිරීමේ වැඩසටහනකටද යොමු කළ අතර, එහිදී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද විශේෂයෙන් කරුණු පැහැදිලි කර, මුඛ ආවරණද බෙදා දෙන ලදී. මොවුන් පුහුණුව ලබන සමයේ ලබාගත් දෙවන වෛද්‍ය වාර්තාවෙන් පසු ජපානයට පිටත්වීමට පෙර සති තුනක කාලයක් දිනකට තෙවරක් බැගින් උණ පරික්ෂා කර ඒ පිළිබඳව වෙන වෙනම වාර්ථා ජපානයට යොමු කරයි.

    මොවුන්ගේ වලංගු වීසා කාලය වසර 3ක් වන අතර, විදේශ ගත කිරීමට කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් මෙම පුහුණු ලාභීන්ගෙන් අය නොකරයි. සේවා යෝජකයාගේ හා ශ්‍රමිකයාගේ එකගතාවය මත තවත් වසර 2ක් සඳහා වීසා ලබා ගැනීමට මොවුන්ට අවස්ථාව හිමිවේ.

    සීමාවාසීක රැකියා පුහුණු වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රමිකයින් 209 දෙනෙකු ජපානයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, තවත් 116ට අධික පිරිසක් ජපන් රැකියා සදහා පිටත්ව යාම සදහා පුහුණුව ලබමින් සිටිති.

    මෙම ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාව සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ (පරිපාලන) නිමල් තිබ්බොටුමුනුව, IM Japan ආයතනයේ ශ්‍රි ලංකා කළමනාකරු එච්. කවහාරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ, පුහුණු හා බඳවාගැනීම්) මංගල රන්දෙණිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya