මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    COVID-19 බලපෑමෙන් කර්මාන්තවල අමුද්‍රව්‍ය හිඟවිම ඇතුළු ගැටලු ඇත්නම් දන්වන්න- අමාත්‍ය විමල් වීරවංශ

    මාර්තු 13, 2020

    කොරෝනා තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙරට සුළු හා මහාපරිමාණ කර්මාන්තවල අමුද්‍රව්‍ය හිඟවිම ඇතුළු ගැටලු හා අභියෝගයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුම්වත් කිරිම සඳහා 0113144416 යන විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දි ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසූවේ,මෙසේ තම ගැටලු දැනුම්වත් කිරීමෙන් පසුව අමාත්‍යාංශය මඟින් ඒ සම්බන්ධයෙන් සහයෝගයක් ලබා දීමට හැකි බවයි.

    කොරෝනා වෛරසයේ ලෝක ව්‍යාප්තිය හේතුවෙන් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා මේ වන විට අමුද්‍රව්‍ය හිඟයක් හා වෙළඳපොළ අහිමිවිම හා,නිෂ්පාදනය කළ භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරිමේ අවධානමකට ලක් වි ඇති බවත්, සමහර නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවත්ය.එසේම බොහෝ අමුද්‍රව්‍යන් මෙරටට ගෙන් වනු ලබන්නේ චිනයෙන් විම හේතුවෙන් මෙම ගැටලුව වඩාත් උග්‍රවි ඇති බවයි.

    මේ වන විට කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානයක් ඇතැයි මුත් මහජනතාව බුද්ධිමත් ලෙසින් මේ සම්බන්ධයෙන් කටයුතු කළහොත් එය පැතිර යාම වළක්වා ගත හැකි බවත්,එසේ නොවුන හොත් රජය ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනිමට සිදු වන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය

    මේ අවස්ථාවට කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එ.රංජිත් මහතා ද මීට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya