මේ අනුව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සදහාද ජනසෙත පෙරමුණ යාපනය සහ වන්නි දිස්ත්‍රික්ත සදහාද නාම යෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ) රසික පීරිස් මහතා පවසයි.
මේ අතර මහනුවර, මාතලේ, යාපනය, පුත්තලම සහ බදුල්ල යන දිස්ත්‍රික්ක සදහා ස්වාධීන කණ්ඩායම් 5ක් මේ වනවිට නාමයෝජනා බාර දී තිබේ. නාම යෝජනා බාර ගැනීම මාර්තු 14දා දවල් 12ට අවසන් වේ.
මෙයට අමතර ඊයේ (12) පස්වරු 4.30 වනවිට ස්වාධීන කණ්ඩායම් 120ක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඇප මුදල් තැන්පත් කොට ඇත.