අද (13) පැවති විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගෙන් සමන්විත විශේෂ සාකච්ඡාවක දී ගනු ලැබූ තීරණයකට අනුව රජයේ සියලු විශ්ව විද්‍යාල හෙට (14) සිට සති දෙකක කාලයකට තාවකාලිකව වසා තබන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටී.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට සියලු විශ්ව විද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව උදෙසා මෙම පියවර ගත් බව අමරතුංග මහතා එහි දී ප්‍රකාශ කර ඇත. ඒ අනුව, සති අන්ත වල පවත්වන පාඨමාලා නැවත්වීමට කටයුතු කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් කර සිටී.