ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම ඒකාබන්ධ මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.
එහිදී තවදුරටත් අඳහස් දැක්වූ නාලක කලුවැව මහතා;
රජය සුපරික්ෂාකාරීව කටයුතු කරන බවත් එබැවින් ජනතාව කිසිසේත් කලබල නොවිය යුතු බවත් ප්‍රකාශ කරන නාලක කලුවැව මහතා, ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යෑමට රජය මැදිහත්ව කටයුතු කරන බව කීය.
මෙම වෛරසය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා සියලු විද්‍යුත් මාධ්‍ය එකතු වී ඉරිදා(15) උදේ 10.00 සිට 11.00 දක්වා දැනුවත් කිරීමේ වැඩසටහනක් සජීවී ලෙස විකාශය කරන බවත් රට තුළ කිසිදු ආහාර හෝ ඉන්ධන හිඟයක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේ ය.