මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න - විදුහල්පතිවරුන්ට උපදෙස්

    මාර්තු 14, 2020

    2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේ. මේ නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික කරවාගත යුතුව පවතියි.

    එහෙත් පළමු පාසල් වාර නිවාඩුව මේ වනවිට ආරම්භ වී තිබීම හේතුවෙන් මෙම කාර්යය සිදුකරගැනීමේ දී සිසුන්ට වන අපහසුතා වැළැක්වීම පිණිස අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයට පෙර එම අයදුම්පත් සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි.

    එමෙන් ම, ඉදිරියේ දී එළඹෙන මැතිවරණ රාජකාරී කටයුතු සදහා සහභාගී වන සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් වෙත ඊට අදාළ අයදුම්පත් සම්පූර්ණ කිරීමටත්, තැපැල් ඡන්ද අයදුම් කිරීම සදහා පාසල තුළ අවශ්‍ය පසුබිම සලසා දීමටත් අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya