ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (13) පැවැති සාකච්ඡාවේ දී නිලධාරීන්ට උපදෙස් දුන්හ.
වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා යුරෝපා රටවල් රැසක වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතින බව කීය. ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බෙහෙවින් බරපතල තත්ත්වයක් පවතී. ඒ පිළිබඳව කොරෝනා මර්දන බලකායේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවන්නැයි නියම කළේය.
යුරෝපා රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කෙරිණ.