ප්‍රවෘත්ති නිවේදනය
කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය සැලකිය යුතු මට්ටමට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම නැවත දන්වන තුරු සීමා කිරීම....
නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සභාපතිතුමා ඇතුළු කළමණාකාරීත්වයේ සහ බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජනය කරන සංවිධාන වල සහභාගීත්වයෙන් 2020.03.13 වන දින පැවති සාකච්ඡාවේදී පහත තීරණ වලට එළැඹිණි.
1. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් කල අවධාරනය සැලකිල්ලට ගනිමින්, එම තත්වය සැළකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කරන ලදි. මෙම තීරණය ගණු ලැබූයේ ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දීම සඳහා කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශිය හා විදේශිය සංචරන තත්වයන් සීමා කිරීම සිදු කල යුතු බැවිනි.
2. එසේම, කොරෝනා වෛරසය ව්‍යාප්ත ව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල් වලට ඇතුළු වීම සීමා කිරීමට ගෙන ඇති තීරණයට සහයෝගය දීමක් වශයෙන්ද මෙම තීරණ වලට එළැඹුණු බව වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.
සභාපති
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය