මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සියලුම කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කරයි

    මාර්තු 14, 2020

    සියලුම කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කරයි

    සියලුම කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දින සිට සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.


    නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය(SLBFE), ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය(VTA), ශ්‍රී ලංකා ජර්මානු අභ්‍යාස ආයතනය(CGTTI), ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය(NAITA) සහ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) යන ආයතනවලට අයත් සියලුම කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන වහාම ක්‍රියාත්මක වන පරිදි 2020.03.14 දින සිට සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන මහතා විසින් තීරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya