මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

    මාර්තු 14, 2020

    මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය (කොවිඩ් -19) හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්වය සලකා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු පාඨමාලාවන් හදාරනු ලබන පුහුණුලාභීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.03.13 වන දින සිට 2020.03.31 දක්වා සියළු පුහුණු පාඨමාලාවන් සඳහා තාවකාලිකව නිවාඩු දීමට තීරණය කර ඇත.

    කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවල සියළුම පුහුණු පාඨමාලාවන් මේ අනුව තාවකාලිකව අත්හිටුවන අතර නේවාසිකව රැදී සිටින සියළුම පුහුණුලාභීන්ට තම නිවෙස් වලට යාම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාර්යාංශය දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya