අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය;
“ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් අප්‍රමාදව ලබා දීමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් රජය ට තිබෙන බව අවධාරණය කරන්න ඕනේ. රාජ්‍ය ඉතාමත් දැඩි අවධානයකින් කටයුතු කරන නිසා ඔබ මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ. ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම් වගේම ඉදිරි මාස කිහිපයටම රටට අවශ්‍ය අහාර, ඉන්ධන, රෙදි පිළි, ඇතුළු සියල්ල අපි සම්පාදනය කරගෙන තිබෙන බව මා කිව යුතුයි.
ඒ නිසා ලෝකයම මුහුණ දී තිබෙන මෙම වසංගතය තත්ත්වය හමුවේ අප ශ්‍රී ලංකික ජාතියේ තිබෙන පරිණත බවත්, දැනුමත්, එකමුතුකමත් පෙරට ගත යුතු මොහොතක්. ජාතියක් වශයෙන් වෛද්‍ය උපදෙස් පිළිපදිමු. දරුවන්ගේ ආරක්ෂාව පතා දැනටමත් රජයේ පාසල් පෞද්ගලික අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල නිවාඩු දී තිබෙනවා. මෙම කෙටි කාලය තුළ ඒකරාශී වීමෙන් වළකින්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා.
අප රජය කිසිවක් ජනතාවට හංගන්නේ නැහැ. රෝගීන්, රෝගයේ ස්වරූපය, ඉතා ඉක්මණින් ජනතාව වෙත කොරෝනා මර්ධන කාර්යය සාධක බළකාය මඟින් තොරතුරු ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන්. එනිසා සමාජ මාධ්‍යන් ඔස්සේ පතුරුවන කටකතා, අසත්‍ය ප්‍රචාර කෙරහි විස්වාසය තබා කලබල විය යුතු නැහැ. එසේ බියට පත් වීම වසංගතය පාලනයට මඟක් නොවේ.
ඇති විය හැකි අපහසුතාවයන්ගෙන් ඔබව මුදවා ගෙන ආරක්ෂිතව ජිවත් විය හැකි පරිසරයක් සැකසීමට නිරන්තරව කටයුතු කරනවා. රෝගියෙකු වාර්තා වූ විට ඔහු හා පවුලේ අය පිළිකුල් කිරීම විරෝධය පෑම අපගේ මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. අප ප්‍රතිකාර කරන රෝහල, රැඳවුම් මධ්‍යස්ථාන තාම ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට බලපෑම් කිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. එබඳු විපතක් සහෝදර රට වැසියෙකුට වූ විට තමා උපමා කොට කටයුතු කරන්න යැයි ඔබගෙන් ඉල්ලා සිටිනවා.”
අවසාන වශයෙන්, ජාතියක් වශයෙන් මෙවැනි විපතක් අවස්ථාවේ එකට සිට කටයුතු කළ යුතු බවත්, අප මිට වඩා අභියෝගයන්ට මුහුණ දී ජයගත් ජාතියක් බවත් අග්‍රාමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේය.