මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජනතාව විශාල වශයෙන් ඒකරාශී කරන රැස්වීම් සඳහා අවසර නෑ- විශාල ලෙස ජනතාව ගැවසෙන ස්ථානවලට නොගොස් ස්වයං නිරෝධායන ක්‍රමයක් අනුගමනය කිරීම සුදුසුයි- සෞඛ්‍ය ඇමතිනී

    මාර්තු 14, 2020

    විශාල ජනතාවක් එකතුවෙන ස්ථාන සහ අවස්ථා සඳහා පොලිස් අවසරය නොලැබෙන බවත්, විශාල ලෙස ජනතාව ගැවසෙන ස්ථානවලට නොගොස් ස්වයං නිරෝධායන ක්‍රමයක් අනුගමනය කිරීම සුදුසු  බවත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (14) රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියාය.

    මේ වන විට තහවුරු වූ කොරෝනා රෝගීන් 07 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බවත් ඒ අනුව, ජනතාව විශාල ලෙස එකතු වන උත්සව, රැස්වීම්, සංදර්ශන ආදිය පැවැත්වීම මඟින් කොරෝනා වෛරසය පැතිරීම වැඩි වන හෙයින් එලෙස රෝගය පැතිරීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් අමාත්‍යවරිය මෙහි දී කියා සිටියාය.

    එමෙන්ම, ආගමික උත්සව හා පෞද්ගලික උත්සව හැකි තරම් අවම කර ගන්නා ලෙසත්, රටේ ජනතාව මෙම රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය සහ කොරෝනා මර්ධන ජාතික කමිටුව විසින් මෙම තීරණය ගත් බව මෙහි දී වැඩි දුරටත් කියා සිටියාය.

    සති දෙකක් වැනි කෙටි කලකට මෙලෙස පුද්ගල ඒකරාශී වීම් නවත්වන ලෙසත් මහජනතාවට දැනුම් දුන් සෞඛ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් කියා සිටියේ රජයක් ලෙස අත්‍යවශ්‍ය වෙලාවේ අත්‍යවශ්‍ය තීන්දු ගත යුතු බවත්ය. විදේශයන්හි සිට පැමිණෙන සියල්ල නිරෝධායනයට යොමු කර වීමට කටයුතු කරන බවත්, ඉතාලිය, ඉරානය, වැනි රටවලින් මෙරට පැමිණ සිටින පුද්ගලයින්ව අදාළ ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් හරහා නිරන්තර අධීක්ෂණයට ලක්කෙරෙන බවත් කියා සිටියාය. එවැනි කටයුතු වල දී ඔවුන්ගේ වගකීම වන්නේ රටේ අනිත් ජනතාව පිළිබඳව සිතා කරන කටයුතු විනයක් ඇතිව කිරීම බවත්, එවැනි විශාල ලෙස ජනතාව ගැවසෙන ස්ථානයන්ට නොගොස් ස්වයං නිරෝධායන ක්‍රමයක් අනුගමනය කරමින් වගකීමකින් යුතුව කටයුතු කිරීම වඩා සුදුසු බව මෙහි දී අවධාරණය කර සිටියාය.


    කෙසේ වුව ද, එහි දී මාධ්‍යව්දියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය විසින් කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නැවැත්වීමක් නොමැති බවත්, නමුත් මැතිවරණයට හෝ වෙනත් කාරණයකට හෝ විශාල ලෙස ජනතාව ඒකරාශී වීම සඳහා රජයෙන් අවසර නොලැබෙන හෙයින් එලෙස විශාල ලෙස රැස්වීම් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.

     

    මෙම මාධ්‍ය හමුව සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ර‍ජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, පිටකොටුව තොග වෙළෙන්ඳන්ගේ සහ අත්‍යවශ්‍ය තොග බෙදා හරින්නන්ගේ සභාපති ජි.රාජේන්ද්‍රන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya