“අද වෙළඳපලේ කහ සහ උඳු හැර අනෙක් සියලුම ද්‍රව්‍ය තිබෙනවා, සිංහල අලුත් අවුරුද්ද සඳහා වෙළඳුන් ළඟ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග රැස් කරගෙන තිබෙනවා. කහ සහ උඳු හිඟයක් ඇති වී තිබෙන්නේ දේශීය නිෂ්පාදකයින්ට සහනයක් දීම සඳහා ඒවා ආනයනය කිරීම රජය විසින් නතර කිරීම නිසයි. ඒවා යළි ආනයනය කිරීම ගැන දැන් සාකච්ඡා කරගෙන යනවා” යැයි ද ඇමතිවරයා පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජි.මහේන්ද්‍රන් මහතා මෙහි දී කතා කරමින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වල හිඟයක් නැති බවත්, තම සංගමයේ වෙළඳුන් සතුව අවශ්‍ය තරම් තොග තිබෙන බවත් කීය.
ලබන සතිය වන විට වෙළෙඳපොලේ ලොකු ලූණු මිල අඩු වීමට ඉඩ තිබෙන බව ද ඒ මහතා කීය.