මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    'කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම්

    මාර්තු 14, 2020

    කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාව පෙර සූදානම් ගොඩබිම විශේෂ කලාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් නාවික හමුදාව විසින් සිදු කළේ ය

    ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව 2020 මාර්තු 13 වන දිනකොළඹ වරාය පරිශ්‍රයේදී ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ආදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු නෞකා මගින් පැමිණියහොත් එම රෝගියා නෞකාවේ සිට  ගොඩබිම ඇති අදාළ රෝහලක් වෙත රැගෙනයාම සහ ගොඩබිම විශේෂ කලාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් සිදු  කරන ලදි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා හරහා රට තුලට ඇතුළුවීම  පාලනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකයේ  මූලිකත්වයෙන්, සුවසැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් හා එක්ව 2020 මාර්තු 13 වන  දින කොළඹ වරාය පරිශ්‍රයේදී පෙරහුරු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී, නෞකාවක මෙම වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු හමුවුවහොත් එම රෝගියා ආරක්‍ෂාකාරීව සහ කඩිනම්  ප්‍රථිකාර සඳහා අදාල රෝහලක් කරා යොමු කිරීම, වෛරසය ආසාදිත පුද්ගලයාගෙන් වෙනත් පුද්ගලයන් වෙත අසාදනය වැළැක්වීම සඳහා ක්‍රියා කල යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික  පුහුණු වැඩසටහනක් සිදු කරන ලදි.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් රටතුළ ඇති හදිසි අවශ්‍යතාවය සඳහා කඩිනම් පියවරක් ලෙස ක්‍රියාත්මක කළ මෙම පෙරහුරුව සඳහා, බටහිර නාවික විධානය  භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා. නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වරාය අධිකාරියේ නිලධාරීන්, හා නාවික හමුදා පුද්ගයින් රැසක් සහභාගී වී සිටින ලදි.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya