මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජාතියට අනතුරක් ඇතිවන සෑම අවස්ථාවකම යුද හමුදාව වගකීම කරට කරට ගත්තා- යුද්ධ හමුදාපති

    මාර්තු 15, 2020

    කොරෝනා රෝගය ව්‍යාප්ත් වීම වැලැක්වීමට ගත් ආරක්ෂිත පියවරක් ලෙස ක්‍රියාත්මක කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථාන 10ක මේ වන විට පුද්ගලයන් 1719ක් නිරෝධායනයට ලක් කර ඇතැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ, අද (15) කොරෝනා පිළිබඳ ඇත්ත නැත්ත මැයෙන් සියලු විද්‍යුත් මාධ්‍ය ඒකාබද්ධව විකාශය කරන සජීවී රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනි.

     

    ඉන් 14ක් රෝහල්ගත කර තිබෙන බවත් නිරෝධායන මධ්‍යස්ථාන සියලේම යුද හමුදාවේ වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල කටයුතු කරන බව පැවසීය. යුද හමුදාව සිවිල් ආරක්ෂාව වෙනුවෙන් කැප වෙන මොහොතක්. ජාතික ආරක්ෂාව යනු යුද්ධයම පමණක් නොව, ජාතියක් අනතුරට පත් වෙලාවක ඊට මදිහත්ව කටයුතු කිරීමයි. එය වගකීම  කරට ගෙන යුද හමුදාව කටයුතු කරනවා. මෙම නිරෝධායන කටයුතු ආරම්භ කළේ පෙර දැනුම් දී සිදු කරලයි යැයි හමුදාපතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya