නිරෝධානය කටයුතු සඳහා සෑම විටම සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා පිළිබඳ ඇත්ත හා බොරුව සජීවී රූපවාහිනී වැඩසටහන සමඟ එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ඉල්ලීම කළේ ය.
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ආසාදිතයින් 10 හදුනා ගෙන ඇති අතර අවසන් වශයෙන් ආසාදනය වු 17 හැවිරිදි ගැහැණු දරුවා මෙම රෝගයට ගොදුරු වී ඇත්තේ ඇගේ ඥතිවරයෙක් මඟින් බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මාර්තු 10 දාට පෙර විදේශ රටවලින් පැමිණි නිරෝධානය නොවු පිරිස් සිටින බැවින් ඔවුන් මගින් බෝවීමට වැඩි අවධානමක් තිබෙන බව ද අනිල් ජාසිංහ මහතා පැවසීය.