මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වන විට ලැබී තිබෙනවා

    මාර්තු 15, 2020

    කොරෝනා තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වන විට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භාද්‍රානී ජයවර්ධන මහත්මිය පවසයි.

    කොරෝනා පිළිබඳ ඇත්ත සහ බොරුව සජීවී වැඩසටහනට එක්වෙමින් ලේකම්වරිය මේ බව සඳහන් කළාය.

    පවතින තත්වය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් තමන්ට අවශ්‍ය සියලු ප්‍රතිපාදන මෙන්ම අතිරේක ප්‍රතිපාදනද ලබා දී ඇති බවත්, 2019/12/31 වන විට ලැබී නොතිබූ මිලියන 40 ක පමණ මුදලක් ජනාධිපතිතුමා විසින් ලබාදීමට කටයුතු කළ බවත්, ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවාය.

     

    මේ වන විට සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය මුඛ ආවරණ ඇතුළු උපකරණ හිගයක් පවතින බව පැතිරයන මතය සම්බන්ධයෙන් ඒ මහත්මිය පැවසුවේ එවන් ගැටලුවක් නොමැති බවත්, මේ වන  විට හදිසි මිලදී ගැනීම් සඳහා කැඳවා ඇති බවත්, අත්‍යවශ්‍ය ඖෂධ සහ අදාළ උපකරණ මිළදී ගැනීමට අදාළ ආයතන සමඟ හදිසි රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ  ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ දී මාර්තු මස 18 වැනිදා මධ්‍යහන 12ට පැවැත්වෙන බවත් සඳහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya