මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජාතික උණ රෝහලේ පහසුකම් නොමැති බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 15, 2020

    ජාතික උණ රෝහලේ පහසුකම් නොමැති බවට කරන චෝදනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

     

    උණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව පැවසු අධ්‍යක්ෂ ජනරාල්වරයා,රෝගින් ප්‍රමාණ යම් හෙයකින් ඉහළ ගොස් රෝහලේ දැනට පවතින පහසුකම් හිඟ වුවහොත් වෙනත් ස්ථානයක් කරා යාමට අවධානය යොමු වී ඇතැයි ද කීය.

    එසේම රෝගය සම්බන්ධයෙන් නිල පුවත් සඳහා අවධානය යොමු කරන ලෙසත් ප්‍රධාන මාධ්‍ය ආයතනයන් හි ප්‍රධානීන් සමඟ පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කළ සාකච්ඡවෙන් පසුව මෙම රෝගය සම්බන්ධයෙන් ධනාත්මක තොරතුරු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වීම තමා අගය කරන බවත් තවදුරටත් ඊට සහයෝගය දක්වන ලෙසත් ඉල්ලා සිටියේය.

    කෙසේ වුවද මාර්තු 10 දිනට පෙර ලංකාවට පැමිණි ලාංකීකයන් නිරෝධායනය කිරීමේ වැඩසටහන මේ වන විටත් ගෘහස්ත මට්ටමින් ක්‍රියාත්මක වේ.මේ අනුව ගුවන්තොටුපළේ දී ලබා ගත් තොරතුරු අනුව පසුවිපරම් අවස්ථා 4405ක් පැවැත් වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.මේ අතර ලාංකිකයින් 2769 ක් හා චින ජාතිකයින් 1120 සිටිති.

    මෙම නිරෝධානයන කටයුතු වලට සහය නොදෙන්නට දඩුවම් කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇත.එසේම පන්සල්.පල්ලි හා කෝවිල් වල පැවැත්වෙන විවිධ ආගමික උත්සව සඳහා යාමෙන්වලකින ලෙසත්,එම ස්ථානවලට දෑත් සේදිම සඳහා සබන් හා විෂබිජනාශක ද්‍රවණයන් තැබීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.

    මේ වනවිට දිනයින පුරා සැක කටයුතු රෝගින් 133ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඉන් 9 දෙනෙකු විදේශකයින් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya