මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යාවශ්‍ය කාරණයකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින්න - ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්

    මාර්තු 15, 2020

    අත්‍යාවශ්‍ය කාරණයකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් සරත් රූපසිරි මහතා පවසයි.

    විදේශ රටවලින් මෙරටට පැමිණෙන්නන් මෙසේ සීමා කර ඇති අතර අත්‍යාවශ්‍ය කරුණකට හැර විදේශ සංචාරයෙහි නොයෙදෙන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.

    අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් -19 විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ගමන් බලපත්‍ර සහ වීසා ලබා ගැනීම වැනි කටයුතු සඳහා දිනකට පුද්ගලයින් 5000ක පමණ පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන බවත්, මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් අත්‍යාවශ්‍ය කාරණයකට මිස ආගමන විගමන දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    බත්තරමුල්ල පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ජනතාවට සේවය සපයන දෙපාර්තමේන්තු රැසක් ඇති අතර එම පරිශ්‍රයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රැඳී සිටින බවත් අසනීප තත්වයේ පසුවන්නන් ඒ මොහොතේම ඔවුන්ට යොමු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya