“ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ” තේමා කරගනිමින් එම වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ලොව පුරා ජනතාවට හා විගමණික ශ්‍රමිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ මල් පහන් පූජාව හා සෙත් පිරිත් සඡ්ජායනය මුල් කරගත් ආශිර්වාද පූජාවක් 14 වන දින ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අළුත්නුවර අනුරුද්ධ මහානාහිමි ඇතුළු 30 කට ආසන්න මහා සංඝරත්නයේ ආශිර්වාද ගැන්වීමේ ජූජ්‍යෝත්සවය කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දී සිදු කෙරින.
මෙම ආශිර්වාද පූජාව නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු වු අතර මේ සඳහා ඉතාලි තානාපතිනි රීටා ගිව්ලියානා මනෙලා (Rita Giuliana mannella), මාලදිවයින් මහකොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) , අමාත්‍යාංශ ලේකම්, කාර්යාංශ සභාපති, බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන වල නියෝජිතයන් ඇතුළු කාර්යාංශයේ නිළධාරීන් රැසක් හා අවට දායක සභාව ද එක්විය.