කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා නොදමන බව ගුවන්තොටුපල හා ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි.
කොරෝනා අවදානම පවතින රටවල සිට ගුවන් මඟින් පැමිණෙන සියලුම මඟීන් නිරෝධායනය සඳහා යැවීම අඛණ්ඩව සිදු කරන බවද ගුවන්තොටුපල දී මාධ්‍ය අමතමින් සභාපතිවරයා මේ බව පැවසීය.
ගුවන් හමුදාව සහ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය.සේවක පිරිස් විසින් කටුනායක ගුවන්තොටුපල හා අවට පරිශ්‍රය විෂබීජ හරණය කොට පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කළේ ය.මෙම වැඩපිළිවෙල දින තුනකට වරක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කීය.