මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන්න - ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ

    මාර්තු 16, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

     

     කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

     ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලට එක් දිනකට ප්‍රතිකාර හා සේවාවන් ලබාගැනීම සදහා පුද්ගලයින් 3000 ක් පමණ පැමිණෙන බවත්, මෙවන් ඉතා විශාල සේවාලාභීන් පිරිසක් එක් ස්ථානයකට ඒකරාශි වීම තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂතුමිය පෙන්වා දෙයි.

     

    රට තුල මෙම වෛරසය ව්‍යාප්තිය වැළෑක්වීම උදෙසා ජනතාව විශාල වශයෙන් රැස්වන අවස්ථා හැකි උපරිමයෙන් සීමා කිරීමට රජය තීරණය කර ඇති බැවින්‍‍‍ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීම ඉතා සුදුසු බවත්, අක්ෂි රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට තමාට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වන ලෙසත්ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya