මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රියාත්මක කොට ඇති සාර්ථක වැඩපිළිවෙල අනුව මැතිවරණයට පෙර කොරෝනා ප්‍රශ්නයට විසදුමක් ලැබෙනු ඇතැයි ඇමති බන්දුල ගුණවර්ධන කියයි

    මාර්තු 16, 2020

    රජය විසින් ක්‍රියාත්මක කොට ඇති සාර්ථක වැඩපිළිවෙල අනුව කොවිඩි - 19 හෙවත් කොරෝනා වෛරසය පැතිරීයාම දින 14ක් ඇතුළත වළක්වා ගතහැකි වනු ඇති බවත්, ඒ අනුව ඉදිරි මහ මැතිවරණයට පෙර කොරෝනා ප්‍රශ්ණය විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්,තොරතුරු සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඇමතිවරයා මේ බව පැවසුවේ කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය පැතිරී යාම හේතුවෙන් මහ මැතිවරණය කල්යාවිදැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(16) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මෙවර මහ මැතිවරණය සඳහා ප්‍රසිද්ධ රැස්වීම් නොපවත්වන හෙයින් ගෙට ගොස් පත්‍රිකා බෙදාහැරීම ආදිය මගින් ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අපේක්ෂකයින්ට හැකි බවද එමෙන් ම මහජන දින නොපැවැත්වීමට එකඟතාවයකට පැමිණි බව ද ප්‍රකාශයට පත් කළ රජයේ නිවාඩුව තව දුරටත් දීර්ඝ නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya