ලොව බොහෝ රටවල පැතිර යන කොරෝනා ආසාදිත තත්ත්වයට ශී‍්‍ර ලංකාව රටක් ලෙස ඉතා සාර්ථකව මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍යාරක්‍ෂාව සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේත්, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේත් නායකත්වයෙන් සහ සෟජු මැදිහත්වීමෙන් ගෙන යන ජාතික මහජන සෞඛ්‍යාරක්‍ෂණ ක‍්‍රියාන්විතයට පූර්ණ සහයෝගය ලබා දීම, රටේ සියලූ අංශ වලත් සියලූ පුරවැසියන්ගේත් වගකීම හා යුතුකම බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරනය කර සිටී.
මෙම කාල සීමාව තුල මහජන ඒකරාශීවීම හැකිතාක් දුරට වළක්වා ගන්නා ලෙස සෞඛ්‍ය බළධාරීන් විසින් දෙන උපදෙස් හා දැනුවත් කිරීම් මත සහ ආරක්‍ෂක අංශයන්හි ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගරු අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සෑම බදාදා දිනකම අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පවත්වනු ලබන මහජන හමුව මෙම මස 18වන බදාදා නොපැවැත්වෙන බව දන්වා සිටින අතර නැවත පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.