මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මඟීන් නැවැත්වීමට රජය තීරණය කරයි

    මාර්තු 17, 2020

    හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මඟීන් නැවැත්වීමට රජය තීරණය කළ බව කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    රාජගිරියේ පිහිටුවා තිබෙන කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානයේ පැවැති අද (17) ප්‍රථම මාධ්‍ය හමුවක දී යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, එසේ වුවද මෙරටින් වෙනත් රටවල්වලට හුවමාරු විමටත් (TRANSIT), භාණ්ඩ සඳහාත් ( Cargo ) කිසිදු ගැටළුවක් නොමැති බවය එසේම මෙරටින් වෙනත් රටවලට පිටව යාමේ දී ගැටලුවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya