මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    නිවෙස් තුළ නිරෝධායනය නිසි ලෙස නොකරන්නේ නම් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනවා  

    මාර්තු 17, 2020

    නිවෙස් තුළ නිරෝධායනය නිසියාකාරව නොකරන්නේ නම් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු කරනවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ

    මේ වන විට කොරෝනා වෛරසය වැළඳුනු පුද්ගලයින් 34 ක් සිටින බව තහවුරු වී ඇති බවත්, පුත්තලම දිස්ත්‍රික්කයේ 800 ක පමණ වැඩි පිරිසක් ඉතාලිය වැනි ශීඝ්‍රයෙන් වෛරසය පැතිරී ගිය රටවලින් පැමිණ සිටින බවත්, ඔවුන්ට ස්වයං නිරෝධායනය වීම සඳහා උපදෙස් දී ඇති නමුත් ඔවුන්ගෙන් නිසියාකාරව ඊට සහයෝගය ලබා නොදුනහොත් එවැනි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට සිදු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (17) කොරෝනා කාර්යය සාධක මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ය.

     

    COVID – 19 වෛරසය වැළඳුනු පුද්ගලයින්ගෙන් ජනතාව ප්‍රවේසම් කිරීමට අවශ්‍ය හෙයින් ඊට අදාළ සියලු කටයුතු කිරීමට කටයුතු කරන බව මෙහි දී අනිල් ජාසිංහ මහතා පැවසීය.

    එමෙන්ම, මෙම රෝගීන් ඇතුළත් කිරීමේ දී IDH රෝහලේ ධාරිතාව පමණ ඉක්මවා යන්නේ නම් ඒ සම්බන්ධව අවශ්‍ය වැඩපිළිවෙලක් ද සකස් කරගෙන යන බවත්, ගෙන ඇති සෞඛ්‍ය ක්‍රමවේදය යටතේ එලෙස විශාල රෝගීන් ප්‍රමාණයක් ඇතුළත් නොවනු ඇතැයි තමුන් බලාපොරොත්තු වන බවත් කියා සිටී අධ්‍යක්ෂකවරයා තවදුරටත් කියා සිටියේ

    මෙරට තුළ සිටින වෛරස සහිත පුද්ගලයින්ගෙන් අනිත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීම වැළක්වීම ප්‍රධානතම අරමුණ බවත්, අනිත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීම මේ වන විට ද ඉඩකඩ බොහෝ සෙයින් ඉඩකඩ අහුරා ඇති බවත් ය.

    ඒ අනුව, මේ වන විට අවශ්‍ය මූලික පහසුකම් වලින් සමන්විත පොළොන්නරුව වැලිකන්ද මූලික රෝහල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට කටයුතු කරනු ලබන අතර රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන කාර්යය මණ්ඩලයට රෝගය ව්‍යාප්ත වීම වැළක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත යුධ හමුදාව විසින් එම රෝහලේ විවිධ තාවකාලික වෙනස්කම් කිහිපයක් සිදු කරමින් තිබෙන බවත් සඳහන් කෙරිණි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya