මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    Covid 19- පොලීසිය වෙත 548 ක් ලියාපදිංචි වෙලා- නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

    මාර්තු 18, 2020

    මාර්තු 01සිට 15 දක්වා ඉතාලිය,දකුණු කොරියාව හා ඉරානය යන රටවලින් ශ්‍රි ලංකාවට පැමිණ සිටින සියලු ලාංකිකයන්ට 119 මධ්‍යස්ථානයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දුරකතන මඟින් ලියාපදිංචි වන ලෙස දැනුම් දුන් අතර මේ වන විට 548 ලියාපදිංචි වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (17) කොරෝනා මැඩලීමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ දී අනාවරණය කළේය.

    එසේම මේ වන විට විවිධ තොරතුරු 3000කට අධික සංඛ්‍යාවක් මෙම මධ්‍යස්ථාන දෙකට ලැබී ඇතැයි ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.මෙය ඉතා හොඳ ප්‍රතිචාරයක් බව ද ඔහු එහි දී වැඩිදුරටත් කීය.

    එසේම මේ අනුව තොරතුරු ලබා දීමේ පහසුව පිණිස පහත සඳහන් දුරකතන ද හදුන්වාදී තිබේ.

    0112444480,

    0112444481,

    0115978720,

    0115978730,

    0115978734 යන දුරකතන අංක හා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑල ඔස්සේ ද ලියාපදිංචි විය හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya