මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයෙන් සේවාදායකයින්ගේ පහසුව සඳහා විශේෂ වැඩපිළිවෙලක්

    මාර්තු 18, 2020

    රට මුහුණ පා ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) දින පැවති විශේෂ රැස්වීමේ දී කාර්යාංශයේ සේවාදායකයින්ට ඔවුන්ගේ අවශ්‍යතා පහසුකර ගැනීම සඳහා මෙම විශේෂ ක්‍රියාමාර්ග අනුගමය කිරීමට තීරණය වූ බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


    ඒ අනුව, මෙම වකවානුව තුළ දී අපනයන බලපත්‍ර ලබා ගැනීම සඳහා අපේක්ෂා කරන ආයතන සඳහා බලපත්‍ර ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසීමට තීරණය කර ඇත. අවශ්‍යතා ඉටු කර ගැනීමට එම ආයතන වලට ඉදිරියේ දී හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම, සේවා දායකයින් විසින් කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති කැණීම් බලපත් අයදුම්පත්‍ර වලට අනුව කාර්යාංශය මඟින් සකසන ලද බලපත් ඉදිරියේ දී තැපැල් මඟින් බලපත්‍රලාභීන්ට ලැබීමට සැලැස්වීම සඳහා තීරණය වුයෙන්, බලපත්‍ර ලබා ගැනීමට ප්‍රධාන කාර්යයාලයට හෝ ප්‍රදේශිය කාර්යයාල වලට පැමිණීමට අවශ්‍ය නැති බව දන්වා සිටී.

    දැනට කාර්යාංශය විසින් හඳුන්වා දිඅ ති සරල ප්‍රවාහන බලපත්‍රය ඉදිරියේ දී හඳුන්වා දීමට ක්‍රියාකරනු ලබන බව ද භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය මහජනතාවට දැනුම් දේ.

    එමෙන්ම, ඉහත සඳහන් කාරණා සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් ඒ සඳහා 077 – 574 88 75 දුරකතන අංකයෙන් අධ්‍යක්‍ෂ ඛනිජ හිමිකම් වෙත ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya