අද (18) රාජගිරියේ පිහිටි කොරෝනා මැඩලීමේ ජාතික මධ්‍යස්ථානයේ දී අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් පෞදගලික රෝහල් වලට ද දැඩි කොන්දේසි පැනවීමට තීරණය කර තිබේ.මෙම පරික්ෂණය රුපියල් 6000ක මුදලකට සිදු කිරීමට ද තීරණය වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එහිදී රෝහලට ඇතුළත් කළ රෝගින්ට පමණක් මෙම පරික්ෂණය සිදු කළ යුතු අතර මෙම රෝග ලක්ෂණ මතු වුහොත් පමණක් මෙම පරික්ෂණය සිදු කළ යුතු බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.
පරික්ෂණ කිරිමට ප්‍රථම එම පරික්ෂණයට ලක් වන රෝගියගේ සියලු ම දත්තයන් වසංගතවේද විද්‍යා අංශයට දැනුම් දිය යුතුය. එසේම පරික්ෂණයෙන් පසුව ද එම ප්‍රතිඵලය ධන වුවත් ණ වුවත් සෘණ වුවත්ව සංගතවේද විද්‍යා අංශයට දැන්විය යුතුවේ. එමෙන් ම පරික්ෂණ වාර්තා පැය 24 ක් ඇතුළත ලබා දිය යුතු වේ.එසේම මෙය විශේෂඥ වෛද්‍ය වරුයෙකුගේ නිර්දේශය යටතේ සිදු කළ යුතුය.
එමෙන් ම පෞද්ගලික අංශවලට ද රජයේ රසායනාගාර භාවිත කිරීමට අවස්ථාවක් ලබා දී තිබෙන බවත් එම පරික්ෂණයක් සඳහා ද රුපියල් 6000ක ගාස්තුවක් ගෙවා එම පරික්ෂණය සිදු කර ගත හැකි බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.