ඉන්දියාවට ගොස් සිටින බැතිමතුන් මෙරටට ගෙන ඒම සඳහා ගුවන් යානයක් ඉන්දියාව බලා අද සවස ගුවන්ගත වීමට නියමිතයි.
ඊට ප්‍රධානතම හේතුව වන්නේ මෙරට කොරෝනා රෝගීන් අතර ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනකු ද සිටින හෙයින් බවත් ජනාධිපතිතුමා ගේ උපදෙස් මත මේ වන විට ඔවුන් සියල්ල නිරෝධායනය සඳහා වෙනම ම විශේෂ වූ නිරෝධායන මධ්‍යස්ථානයක් යුහුසුළුව සකස් කරමින් පැවතින බවත් මෙහි දී කියා සිටියේය.
පසුගිය දා ආරක්‍ෂක අමාත්‍යංශයෙන් දැනුම් දුන් පරිදි මාර්තු 01 සිට 15 දක්වා මෙරටට පැමිණි පුද්ගලයින් ලියාපදිංචි කිරීමට කටයුතු කළ බවත් 4000 ට අධික ප්‍රමාණයක් එලෙස ලියාපදිංචි වී තිබෙන බවත් මෙහි දී ප්‍රකාශ කර සිටියේය.