මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනාවේ බලපෑමට ලක් වූ ජනතවට පොලීසියෙන් සහනයක්- ස්වයං නිරෝධායනය කෙරෙන සෑම නිවසකටම පොලිස් නිලධාරීන් දෙදෙනෙක්

    මාර්තු 18, 2020

    රජයේ විශේෂ නිවාඩුවට පවතින මෙම කාල සීමාව තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර හා ආදායම් බල පත්‍ර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

     

    මේ පිළිබඳව සියලු ස්ථානාධිපතිවරන්ට දැනුම් දී ඇති බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

    එසේම දඩ පත්‍රිකා මෙම තත්ත්වය ඇති විමට පෙර නිකුත් කර ඇත්නම් දින 14ක කාලයක් පසු වුනත් මෙම හදිසි තත්ත්වය යටතේ නිවාඩු දින හා රජය ලබා දී ඇති නිවාඩු දින හැර අනෙකුත් දින මෙම කාලයට ඇතුළත් වන ලෙසින් සළකන බව නියෝජ්‍ය පොලිස්පති වරයා පවසයි.

    ස්වයං නිරෝධායන සිදු කරන නිවෙස් සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු බැගින් රඳවා තබන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසිය.එහෙයින් නිරෝධායන කටයුතු සහා ජනතාවගේ  සහායෝගය ලබා දෙන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය. එමෙන් ම කොරෝනා වෛරසය රට තුළ පැතිරීම වැළැක්වීමට පියවරක් ලෙස ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්  සැම පොලිස්ථානයක් ම ආවරණය වන පරිදී දිවයින පුරා තෝරාගත් ස්ථානවල මාර්ග බාධක යෙදවීමට පියවර ගන්නා බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya