මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook

    කෝවිඩ්-19 තත්ත්වයේ බලපෑම අවම කර ගැනීමට සියලු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කෙරේ.

    මාර්තු 18, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට ලෝක වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති නව කොරෝනා වෛරස තත්ත්වයෙන් අත්මිදීම සඳහා ක්‍රියාකිරීම සමාජ වගකීමක් ලෙස සලකා  සිසුන් ගුරුවරුන් ගුරු සිසුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සමස්ත ප්‍රජාව ද දැනුවත් කිරීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සියලු අධ්‍යාපන බලධාරීන්  වෙත දැනුම් දී තිබේ.

    2020-03-13 දිනැති අංක ED/ 01/21/3/9 දරන චක්‍රලේඛය මගින් මෙම උපදෙස් ලබා දී ඇත.

     සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පලාත්/කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විද්‍යාපීඨාධිපතිවරුන්, ගුරු මධ්‍යස්ථානාධිපතිවරුන්, ගුරු විද්‍යාල විදුහල්පතිවරුන්, පරිවෙණාධිපතිවරුන් සහ
    සියලු විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් මෙම චක්‍රලේඛය යොමුකර තිබේ. ඒ අනුව සියලු ආයතන ප්‍රධානීන් විසින් තම කාර්ය මණ්ඩලය හා අදාළ සියලු පාර්ශවකරුවන් සෞඛ්‍ය පුරුදු සඳහා
    යොමු කිරීම වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්ය කර ඇත.

    · සෑම ආයතනයකම පිවිසුමට පෙර සබන් දමා දෑත් පිරිසිදු කර ගැනීමේ පහසුකම් ස්ථාපිත කිරීම.

    · කණ්ඩායම් ලෙස පිරිස් ඒකරාශි වීම වළක්වා ගැනීම. පුහුණු වැඩසටහන් රැස්වීම් පැවැත්වීමෙන් වැළකීම.

    · පිරිසිදු කිරීමේ කාර්යයන් සඳහා භාවිත කරන ටිෂූ කඩදාසි ආදිය සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට උපදෙස් ලබාදීම. පියන සහිත කසල බඳුන් භාවිතය,

    · ශ්වසන රෝගවලින් පෙලෙන රෝගීන් ආයතනයට පැමිණීමේ දී මුඛවාඩම් භාවිතයට යොමු කිරීම සහ ඒ සම්බන්ධව ඔවුන් දැනුවත් කිරීම.

    · රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති රටවල්වලින් විදේශගතව සිට පැමිණෙන ආයතනයේ සේවකයින්, සිසුන්ගේ දෙමාපියන් නිරෝධායන කටයුතු සඳහා යෙදෙ දැයි සොයා බැලීම ඇතුළු
    උපදෙස් රැසක් මෙම චක්‍රලේඛයෙහි ඇතුළත් කර ඇති අතර සියලු අධ්‍යාපන බලධාරීන් විසින් ඒ අනුව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya