මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව විසින් ත්‍රිකූණාමලය දුම්රිය ස්ථානයේත් විෂබීජ හරණ කටයුතු සිදු කරයි

    මාර්තු 19, 2020

    ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාර්තු 18 ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙහි විෂබීජ හරණ කටයුතු සිදු  කරන ලදි.

    කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා  මහතාගේ පූර්ණ උපදෙස් මත මේ වන විට වැඩසටහන් රැසක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි.

     

    ඒ අනුව, දුමිරිය මගී ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා (2020  මාර්තු 18) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological,  Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය තුළ සහ දුම්රිය මැදිරි ඇතුළත  විෂබීජ හරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලදි.

    මෙම කෙරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙවැනි විෂබීජ හරණ වැඩසටහන් ඉදිරියටත් සිදු කිරීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya