මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ඛණිජ තෙල් මිල වෙනස් නොවේ, තෙල් මිල සඳහා ස්ථායීකරණ අරමුදලක්

    මාර්තු 19, 2020

    දැනට පවතින ඛණිජ තෙල් මිල ගණන් වෙනස් නොකොට වසරක කාලයක් සඳහා එම මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    මෙයට අමතරව තෙල් මිල ස්ථායීකරන අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (18) තීරණය කළ බවද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව විස්තර කළ අමාත්‍යවරයා ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමෙන් ලැබෙන වාසිය මෙම අරමුදලට එක් කරන බවත් තෙල් මිල ඉහළ ගිය විට සිදුවන අලාභය එම අරමුදලෙන් පියවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කීය.


    ඛණිජ තෙල් ස්ථායීකරණ අරමුදල මගින් පාඩු ලබන රජයේ සංස්ථා මණ්ඩල ආදියේ පාඩු පියවා ගැනීම සඳහා මුදල් ලබාදෙනු ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය.


    රජය මෙම තීරණය ගනු ලැබුවේ සර්ව ආර්ථිකය දැක්මක් ඇතිව කළමණාකරණය කිරීම සඳහා බවත්, මේ මගින් ඛණිජ තෙල් පාරිභෝගිකයාට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් වාසියක් සැලසෙන බවත්, ඒ මහතා කීය.


    මේ වන විට ලෝක වෙළඳපොළේ ඛණිජ තෙල් මිල පහත වැටීම නිසා ඉන්දීය තෙල් සමාගම විශාල ලාභයක් ලබනවා නොවේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා එම සමාගම ලබන ලාභය සඳහා විශේෂ බද්දක් පැනවීමට යන බව පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya