මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ( කොවිඩ් - 19) ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවී ඇති බලපෑම්වලට මුහුණ දීමට ජනාධිපතිගෙන් ආර්ථික සහන පැකේජයක්

    මාර්තු 19, 2020

    කොවිඩ් - 19 වෛරසය ගෝලීය ආර්ථිකයට හා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවී ඇති බලපෑම්වලට මුහුණ දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ නව ආර්ථික පැකේජයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පවරා ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා කීය.

    මේ අනුව 2019 වර්ෂයේදී රජයේ සැපයීම් සහ කොන්ත්‍රාත් වෙනුවෙන් පෞද්ගලික අංශයට ගෙවීමට ඇති හිඟ මුදල් සඳහා පහත දැක්වෙන ආයතනවලට මුදල් ගෙවනු
    ඇත.

    ඖෂධ සැපයුම් සමාගම්වලට රුපියල් බිලියන 10යි
    පොහොර සමාගම් සඳහා රුපියල් බිලියන 03යි
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් බැංකුවලට රජය ගෙවිය යුතු පොළී මුදලේ හිඟ සඳහා රුපියල් බිලියන 46යි
    නියඟය නිසා හානි වී ඇති තේ වගාවන් සඳහා කුඩා තේවතු හිමියන්ට දීමනාවක් ලබාදීම සඳහා රුපියල් බිලියන 03යි.

    මේ හැර සංචාරක කර්මාන්තයේ, ඇඟලුම් කර්මාන්තයේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාන්තවල නියුතු අයට හා සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් 4%ක සහන පොළියට ණය ලබාදෙන ලෙස බැංකුවලට උපදෙස් දෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya