මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එනවා -ඔවුන් සියල්ල නිරෝධායනයට යොමු කරනවා

    මාර්තු 19, 2020

    දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 16ක පුද්ගලයන් 2288ක් නිරෝධායනයට ලක් කර තිබෙන බව කොරෝනා මැඩලීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධනි යුධහමුදාපති ලුතිනන් ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

     කොරෝනා මැඩලිමේ ජාතික කාර්ය සාධක බලකායේ මධ්‍යස්ථානයේ දී මාධ්‍ය අමතමින් මේ බව පැවසුවාය.

    එසේ නිරෝධායන මධ්‍යස්ථානවලින් කොරෝන වෛරසය අසාදනය වූ 20ක් සොයා ගැනීමට හැකි වූ බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

    ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මඟීන් නවත්වන බවට රජය ප්‍රකාශ කරනු ලැබුවා. එහෙත් ලන්ඩන් දක්වා ගිය ගුවන් යානයකට පමණක් අවසරයක් ලබාදුන්නා,නැවත ලංකාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන පැමිණීමට. ඒ අනුව 145 දෙනෙකු පැමිණ තිබෙනවා. එම සියලු දෙනාම නිරෝධායන සඳහා කටයුතු කරනු ලබනවා.

    සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට ගුවන් යානයක් යන බවට ප්‍රකාශ කළා. එහෙත් තවම ගුවන් යානයක් ගියේ නෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා ඉන්දියාවේ විවිධ නගර වලට යනවා. ඒ ගුවන් යානාවලට විශේෂ අනුමැතියක් දුන්නා වන්දනවේ ගිය අයවලුන් සිටිනවා නම් ඔවුන් නැවත රැගෙන ඒමට අවසරයක් ලබාදී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් සිටිනවා නම්, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා මඟින් ශ්‍රී ලංකාවට රැගෙන එනවා.එසේ පැමිණෙන ඕනෑම අයෙක් නිරෝධයනයට ලක් කළ යුතුව තිබෙනවා යැයි ද හමුදාපතිවරය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya