මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කාසල් වීදියේ කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා මුල්ගල් තබයි.

    මාර්තු 20, 2020

    නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ශ්‍රී ලාංකීය ජ්‍රජාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත කාසල් වීදියේ කාන්තා රෝහලේ ඉදිකිරිමට නියමිත මහල් 2 කින් යුත් සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා මුල්ගල් තැබීම (19) දින සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තුල පිහිටුවන පළමු සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානය වන මෙමගින් සිදු කරනු ලබනුයේ සාමාන්‍ය අයුරින් දරුවෙක් ලබා ගැනීමට නොහැකි වූ, එහෙත්  තමාගේම ලෙයින් දරුවෙක් ලබා ගැනීමට අදහස් කරන අඹු සැමි යුවලකට නවීන තාක්ෂණයට අනුකූලව “නල දරු උපතක්” සිදු කිරිමය. IVF (In vitro fertilisation) යනුවෙන් ද මෙම ක්‍රමය  හදුන්වනු ලබයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල්වල විවාහක යුවලකට, ඔවුන් විවාහ වී අවුරුදු 2 – 3 ක් ඇතුලත දරුවෙකු නොලැබුණහොත්, ඔවුන් වෙත එල්ල වන බලපෑම වැඩිය. එවැනි  අවස්ථා වලදී මෙම ක්‍රමය භාවිතා කර දරුවෙකු ලබා ගැනීමේ හැකියාව පවතී.

    කාසල්වීදියේ සපල්‍යතා සායනයේ මේ වනවිට දරුවන් අපේක්ෂාවෙන් 800 ක පමණ පිරිසක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ. ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු 35 ට ආසන්න වයස් කාණ්ඩයේ  පසුවන බවත් වාර්තා වන අතර, මෙම ප්‍රතිකර්මය සිදු කර ගැනිම සදහා ලාංකිකයින් විශාල පිරිසක් ඉන්දියාව ඇතුලු විදෙස් රට වෙත යොමු වේ. මෙම සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානය  ඉදිකිරිමෙන් අනතුරුව එම සේවාවන් ශ්‍රී ලංකාවේ දිම ලබාගැනීමට ජනතාවට හැකි වේ. මෙම ‍දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා රජය රුපියල් මිලියන 104 ක මුදලක් වැය කිරීමට  නියමිතය.

    මෙම අවස්ථාවට කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විඡේසිංහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya