මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල බෞද්ධ වන්දනාකරුවන් ඉක්මනින් ආපසු එවීම සඳහා අඛණ්ඩව කටයුතු කරයි

    මාර්තු 20, 2020

    විදේශ සබඳතා අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය, මෙහි පැමිණෙන වාණිජ ගුවන් ගමන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමෙන් පසුව දැනට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් ඉක්මනින් ආපසු මෙරටට එවීම සඳහා අවශ්‍ය කටයුතු හා පහසුකම් සැපයීමේ ප්‍රයත්නවල දිගින් දිගටම යෙදී සිටී.

     

    මාර්තු 18 වැනි දිනය තුළ දී වන්දනාකරුවන් 700 දෙනෙක් පමණ නියමිත ගුවන් ගමන් මඟින් ඉන්දියාවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ගුවන් යානා ප්‍රවේශ පත්‍ර කාලසටහන් නැවත සකස් කිරීම සඳහා අදාළ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කිරීම ඇතුළුව, ඔවුන්ට ආපසු පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සලසා දෙන ලදී.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමට පෙර නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අවසන් වාණිජ ගුවන් යානය මාර්තු 18 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී පිටත්වීමෙන් පසුව, (2020 මාර්තු 19) පැය 10:00 වන විට සංචාරක කණ්ඩායම් 17 කට අයත් ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 871 දෙනෙකු නවදිල්ලියේ සහ චෙන්නායි සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අපේක්ෂාවෙන් ඉන්දියාවේ රැඳී සිටි.

    ඔවුන් ආපසු මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා රජය විසින් යැවීමට සූදානම් කරනු ලබන විශේෂ ගුවන් යානය පිළිබඳ කටයුතු සකස් කෙරෙන තෙක්, ශ්‍රී ලංකා දූත මණ්ඩල මෙම ඉතිරි සංචාරක කණ්ඩායම් සමඟ සමීපව සම්බන්ධවී සිටියි.

    මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය ද, සංක්‍රමණික මගීන් සඳහා දිල්ලිය සහ චෙන්නායි වෙත දිනපතා ක්‍රියාත්මක වන තම ගුවන් ගමන් සඳහා, ආපසු පැමිණෙන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් භාර ගැනීම සිදුකරනු ඇත. මෙම ගුවන් ගමන් 2020 මාර්තු 19-25 කාලය තුළ දී දිනපතා පැය 18:30 ට සහ පැය 09:35 ට පිළිවෙලින් දිල්ලියේ සහ චෙන්නායිහි සිට පිටත්වීමට නියමිතය.

    ආසන ලබා ගැනීමේ හැකියාව අනුව, මෙම ගුවන් ගමන්වල දී ඉතිරි වන්දනාකරුවන්ට ගමන් පහසුකම් සැපයීම සඳහා මෙම දූත මණ්ඩල දෙක ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ කටයුතු කරයි.

     

    ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

    නව දිල්ලිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya