රට තුළ පැතිර යන ‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ගෙන ඇති ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය මගින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහනේ තවත් එක් අධියරක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නාවික හමුදාධිපතිගෙන් කළ ඉල්ලිමක් අනුව, කොළඹ මැතිවරණ කාර්යලය කේන්ද්‍ර කරගනිමින් මාර්තු 19 සිදු කරන ලදි.
මෙහිදී ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සූදානම් වන මැතිවරණ කාර්යාලයේ රාජකාරී නියුතු කාර්යය මණ්ඩලයේ ආරක්‍ෂාව උදෙසා කාර්යාලයේ සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විසබීජ හරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලද අතර, මහජනතාව ගැවසෙන පොදු ස්ථානයන්හි විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාකරමින් සිටී.