කොරෝනා වෛරසය හේතුවෙන් මේ මස 17,18හා 19 යන තෙදින රජයේ නිවාඩු දිනලෙසින් ප්‍රකාශයට පත් කෙරිණි.මේ වන විට හෙට (20) දින නිවාඩු දිනයක් ලෙසින් පත් කර නොමැත.
පොදු ප්‍රවාහන සේවය මඟින් රැකියාවට පැමිණෙන සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය පිළිබඳව ද විමසිලිමත් වන බව පැවසු ඇමතිවරයා,මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් නැවතුම් 106 කදී විෂබිජ හරණය සිදු කිරිමේ කටයුතු සිදු වන බවත්,සියලු බස් රථ නිරෝධානයට ලක් කිරීමට වැඩපිළිවෙළක් යොදා ඇති බවත් කීය.
සියලු බස් රථ ගමන් වාරය ආරම්භවීමට පෙර නිරෝධායනයට ලක් කරන බවත් (20) දින සිට ශ්‍රි ලංකා නාවික හමුදාවේ සේවය එයට ලබා ගන්නා බව ද ඇමතිවරයා කිය.එසේම පෞද්ගලික බස් රථ සඳහා ද මෙය සිදු කිරීමට උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.