මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යවරිය අයි.ඩී.එච්.රෝහලේ කාර්ය මණ්ඩලය විශේෂ ඇගයීමකට ලක්කරයි

    මාර්තු 20, 2020

    කොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන ප්‍රධානතම රෝහල වන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ දැනට පවතින අවශ්‍යතාවයන් සොයා බැලීම සදහාසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය 19 දින පස්වරුවේ එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

     

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල අවශ්‍යතාවයන් පිළිබදව සොයා බලා ඒවාට පිළියම් ලබා දෙන ලදී. දැනට රෝහල තුළ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 50 දෙනෙකු හා සැක සහිත රෝගීන් 23 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර, මෙම රෝගීන් සදහා ඖෂධ ඇතුළු සියළු පහසුකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මෙහිදී පවසන ලදී.

    මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - "අද දින අයි.ඩී.එච් රෝහලට මම ඇතුලු නිලධාරින් පැමිණීයේ කොරෝනා වෛරසය ආසාදිතයින් සියලු දෙනාට ප්‍රතිකාර කරනු ලබන රෝහල වන්නේ මෙම රෝහල නිසා සහ එම වෛරසය ආසාදිත රෝගීන්ට දිවා රෑ වෙහෙසෙමින් රෝගී සත්කාර සේවාවන් සිදු කරන රොහලේ අධ්‍යක්ෂතුමා, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමට ලක් කිරීමටයි. රජයක් විදිහට අපට වගකිමක් තිබෙනවා ඔවුන්ට ශක්තිය, ධෛර්ය, ප්‍රසාදය, ස්තූතිය පළ කිරීමට. එම දිරිගැන්වීම ලබාදීමටත් රජයක්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් මේ සියලු කාර්ය මණ්ඩල වෙත අපගෙන් සිදු විය යුතු තවත් දේ තිබේ නම් ඒ පිළිබද සොයා බැලීම්‍ත් මෙහිදී අප විසින් සිදු කරනු ලැබුවා."

    මේ අතර මෙම රෝහල් පරිශ්‍රය තුළ තවත් ආසාධිත රෝගීන් 20 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබාදීමට හැකි වන පරිදි විශේෂිත වාට්ටුවක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදි කරනු ලබන අතර එම කටයුතු ගුවන් හමුදාව විසින් සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අවධාරණය කරන ලදී.

     

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලබන සේවාව විශේෂ ඇගයීමකට ලක් කරන ලදී. මෙදින අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රෝගී ප්‍රතිකාර වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ මෙවලම් කට්ටල තොගයක්ද රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාර දෙන ලදී.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya