මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීම හා බෙදාහැරීම සිදු කරන බැවින් ජනතාවට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ

    මාර්තු 21, 2020

    වරාය අධිකාරියේ සේවකයින් සමග කළ සාකච්ඡා වලින් අනතුරුව ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂණ සේවා මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව රටතුළට ගෙන්වීමට හා අඛණ්ඩව ජනතාව වෙත සැපයීම සදහා වූ ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා දිගටම සේවයේ නිරත වීමට වරාය සේවකයින් කැමැත්ත පලකළ බව වරාය හා නාවික  කටයුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

     

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ දින(20) වරාය සේවකයින් හමුවී පැය පහකට අධික කාලයක් තිස්සේ ඔවුන්ගේ සේවා පරිශ්‍ර වෙතට යමින් සේවකයින්ගේ අවශ්‍යතා සොයා බැලීය.තවද අඛණ්ඩව සේවාවේ නිරත වනවානම් සේවකයින්ගේ සුරක්ෂිභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත්,සෞඛ්‍ය ආරක්ශිතව සේවා පරිශ්‍රයන් පවත්වාගෙන යාමටත් ,ආරක්ශිතව  ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාට සහ වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාට උපදෙස්  ලබාදෙන ලදී.

    සේවයට පැමිනෙණ සේවකයින්ට පෞද්ගලික වාහන වලින් වරාය දොරටු තුලින් ඇතුළුවීමට අවසර ලබා දී ඇති අතර ජාතික හැදුනුම්පත හා ආයතනික හැදුනුම්පත පෙන්වා වරායට ඇතුළු විය  හැක. එමෙන්ම ආයතනික හැදුනුම්පත ඇදිරිනීතිය බලපත්‍රයක් ලෙස භවිතා කළ හැක.

    වරාය සේවකයින්ගේ පහසුව සදහා ප්‍රධාන පිවිසුම් මාර්ග 07ක බස් රථ යොදවා ඇත.

    1.නුවර පාර- කෑගල්ල දක්වා
    2.ගාලු පාර- අලුත්ගම
    3.හයිලෙවල් පාර -මීපේ හන්දිය
    4.මිනුවන්ගොඩ පාර -දිවුලපිටිය දක්වා ජාඇල හරහා
    5.හොරණ පාර-හොරණ දක්වා.
    6.පරණ පාර හංවැල්ල අවිස්සාවේල්ල දක්වා
    7.කැලණි විහාර පාර කිරිදිවැල දක්වා


    පාරිහෝජන හාඅත්‍යාවශ්‍ය සේවා මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ සේවාවන් සදහා වන භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීම හා බෙදාහැරීම සිදු කරන බැවින් ජනතාවට අනවශ්‍ය බියක්
    ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහ ජනතාවගෙන් ඉල්ල සිටියි

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya