මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    පාසල් නිවාඩු කාලය තුළ නිවසට වී සිටින දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වන්න- ජනමාධ්‍යයට ඉල්ලීමක්

    මාර්තු 21, 2020

    පාසල් නිවාඩු කාලය තුළ නිවසට වී සිටින දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වන්නැ’යි සියලු ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටියි

    පාසල් නිවාඩු කාලය තුළ නිවෙස්ගත ව සිටින සිසු දරුදැරියන්ගේ අධ්‍යයන කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණය ඇතිව විධිමත් ව මැදිහත් වන ලෙස අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සියලු ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය. අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේ පසුගියදා මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

     

    පෙර පාසල් යන දරුවාගේ සිට සරසවි අධ්‍යාපනය ලබන දරුවා දක්වා සියලු දරුවන් මේ දිනවල තම අධ්‍යයන කටයුතුවලින් බැහැරව නිවෙස්වලට වී සිටින බවත් ඔවුන්ගේ කාලය නිකරුණේ අපතේ යාම වැළැක්විය යුතු බවත් ඒ සඳහා ජනමාධ්‍ය ආයතනවලට විශාල වගකීමක් පැවරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.මේ වන විටත් ජනමාධ්‍ය ආයතන රැසක් දරුවන් වෙනුවෙන් වන අධ්‍යාපනික වැඩසටහන් විකාශය කිරීම කෘතවේදීව අගය කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ අධ්‍යාපනික වැඩසටහන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කර ඇති “ඉ -තක්සලාව” අධ්‍යාපන වැඩසටහන් ද ජනමාධ්‍ය නාලිකා හරහා රටපුරා දරුවන්ට සමීප කරවීමේ අවස්ථාව ඒ අනුව සලසා දෙනු ඇත

     

    ජන මාධ්‍ය ආයතන සතුව ද අධ්‍යාපනික අන්තර්ගතයක් සහිතව සකස් කළ වැඩසටහන් තිබේනම් එම වැඩසටහන් ද මෙම කාලවකවානුව තුළ විකාශනය ඉඩ ප්‍රස්තා ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය. එමෙන්ම රටේ පවතින වාතාවරණය හොඳින් අවබෝධ කරගනිමින් සිසුන් නිවසේ ගත කරන කාලය ඵලදායිව ගතකිරීමට දරුවන් යොමු කරවන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සියලු දෙමව්පියන් වෙත අවධාරණය කරයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya