මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් නොවෙයි- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 21, 2020

    අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     ඒ අනුව සෞඛ්‍ය, ආරක්ෂක අංශ වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය විශේෂ බලපත්‍ර අදාළ පොලිස් ස්ථාන වලින් ලබා ගත හැකි බවත් සාමාන්‍ය ජනතාව නිවෙස්වලින් බැහැරව නොයා නිරෝධායන ක්‍රියාවලියට ස්වයංක්‍රීයව දායක වන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    තවද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා අද පස්වරු 2.00 වන තෙක් පිටකොටුව තොග වෙළඳසැල් විවෘතව පවතින අතර පස්වරු 2.00න් පසුව පිටකොටුව සහ ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය සඳහා ආරක්ෂක අංශ විශේෂ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසු අමාත්‍යවරයා නැවත් සඳුදා(23) උදෑසන 6.00 සිට එම වෙළඳසැල් විවෘත කරන බවද සඳහන් කළේය.

     

    තවද මුළු ලෝකයම දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක් ව ඇති මේ මොහොතේ රජය මාස 03ක් යන තුරු අත්‍යාවශ්‍ය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ ආනයනය සීමා කළ බවත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

    මෙම මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ද එක්ව සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya