මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව විසින් මුන්දලම ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ කටයුතු සිදු කරයි

    මාර්තු 21, 2020

    නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 19 සහ 20 යන දිනයන්හිදී මුන්දලම පොලිසිය, අධිකරණ ශාලාව, මුන්දලම දිස්ත්‍රික් රෝහල සහ පුත්තලම බන්ධනාගාරය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

     

    ‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා සහය දක්වමින් සිටින නාවික හමුදාව 2020 මාර්තු මස 19 සහ 20 යන දිනයන්හිදී මුන්දලම පොලිසිය, අධිකරණ ශාලාව, මුන්දලම දිස්ත්‍රික් රෝහල සහ පුත්තලම බන්ධනාගාරය විෂබීජහරණය කිරීම සිදු කරන ලදි. ඒ අනුව, මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් කළ ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය මගින් මෙම විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

    මෙහිදී එම ස්ථානයන්හි සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විසබීජහරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලද අතර, මහජනතාව ගැවසෙන මෙවැනි පොදු ස්ථානයන්හි විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාකරමින් සිටී.

    NavySL

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya