මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වෛරසය මැඩලීමට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමක් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ

    මාර්තු 21, 2020

    කොරෝනා වෛරසය මැඩලීමට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමක් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්.


    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුල රෝහල්වල කොරොනා වෛරස තත්ත්වයන් සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුනි.

    එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මිය (Dr. Razia Pendse) විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත භාර දෙන ලදි.

    පරිත්‍යාග කරන ලද උපකරණ තොගය අතර HDU Beds, Multipara Monitors, Pulse Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibrillator, Autoclave Table Top, High Flow Oxygen System විය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Victoria Coakley මහත්මිය,අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya