මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    රෝගය මර්දනය කිරීම සඳහා වැදගත් තීරණ රැසක්-තමාගේ වගකීම නිවැරදිව ඉටු කරමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කරන්න- අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි

    මාර්තු 21, 2020

    තවත් නව කොරෝනා රෝගින් 05 දෙනෙක් අද දිනය වන විට වාර්තා වී ඇති අතර මේ අනුව ඊයේ දිනයේ 72ක් වූ රෝගින් සංඛ්‍යාව අද වන විට 77 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

     

    අද(21) කොවිඩ් -19 වැළැක්වීමේ මාධ්‍ය මස්ථානයේදී අමාත්‍යවරිය මේ අදහස් දක්වා ඇත.

    මේ අතුරින් රෝගින් 43ක් පිටරට සංචාරය කර මෙරටට පැමිණි අයවලුන් වන අතර 27 දෙනෙකු එවැනි පිටරට ගිය අය ළඟින් ඇසුරු කළ අය බවද අමාත්‍යවරිය පැවසුවාය.

    සෞඛ්‍ය බලධාරින් , ආරක්ෂක අංශ ලබා දුන් උපදෙස් පිළිපදිමින් තවත් රෝගින් 10,000ක් පමණ නිවෙස් තුළට වී ස්වයං නිරෝධායනය වන බවද තමාගේ වගකීම නිවැරදිව ඉටු කරමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

    කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය අද (21) පස්වරුවේ රැස් වූ අතර රෝගය මර්දනය කිරීම සඳහා වැදගත් තීරණ රාශියකට එළඹනු බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya